26.8 C
Galle

පෝළිම් යුගයක් එද්දී, අලුත් රැකියාවක් බිහිවෙයි

Published:

මේ දිනවල රටපරා ඇති ගෑස් පෝළිම් හේතුවෙන් නව රැකියා අවස්ථාවක් උත්පාදනය වී තිබේ. ගෑස් ලබාගැනීමට අලුයම 4.00ට පමණ පෝළිමට එක්වන පුද්ගලයන් සිටින බැවින් ගෑස් නියෝජිත ආයතන අසළ සිටින පිරිස් රුපියල් 500.00කට මුදලකට අලුයම සිට පෝලිමේ සිට ගෑස් සිලින්ඩර මිල දී ගෙන දීම මෙම අලුත් රැකියාවයි.

කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක කුලී පදනමින් ගෑස් පෝලිමේ සිටීන පුද්ගලයන් බිහි වීඇත. එවැනි ඇතැම් පුද්ලයන් පවුලේ කිහිප දෙනකු සමඟ පැමිණ පෝලිමේ සිට ගෑස් සිලින්ඩර රැගෙන දී රුපියල් 500.00ක කුලිය ලබාගනී.

රැකියාවල නිරතවන පුද්ගලයන් පවසන්නේ පෝළිමේ පැය ගණන් රස්තියාදු වී ගෑස් ගන්නවාට වඩා එවැනි කුලීකරුවකුට රුපියල්ල 500.00ක් දී ගෑස් මිල දී ගැනීම පහසු බවයි.

Related articles

spot_img
error: Content is protected !!