25.8 C
Galle

තැපැල් කෝච්චිය ඇතුළු දුම්රිය ගමන් කිහිපයක් ම හදිසියේ නවතා දමයි

Published:

රාත්‍රී තැපැල් දුම්රිය සහ ආසන වෙන්කළ හැකි සීඝ්‍රගාමී දුම්රිය කිහිපයක අවලංගු කර තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පවසන්නේ මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ලබන පාඩුව තවදුරටත් වැඩිවන බවයි.

බදුල්ල සිට කොළඹ දක්වා රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ සිට හැටන් දක්වා නගරාන්තර දුම්රිය, කොළඹ කන්කසන්තුරය අතර සීඝ්‍රගාමී දුම්රිය අද (10) සිට අවලංගු කර තිබේ.

එමෙන්ම පාර්සල් ප්‍රවාහ දුම්රිය ද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව එම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දුම්රිය මගින් ප්‍රවාහනය කරන ලොතරැයිපත් සහ මධ්‍යම පළාතේ මල් ප්‍රවාහනය  දැනටමත් පුද්ගලික අංශයට ලැබී ඇතැයි කසුන් චාමර කියයි.

Related articles

Recent articles

error: Content is protected !!