25.8 C
Galle

GMOA ඡන්ද මගඩි, මුදල් අක්‍රමිකතා ගැන CID පරීක්ෂණ ආරම්භ කරලා

Published:

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිලවරණයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක්  ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී.රාගල ඉදිරියේ අද (10) කරුණු වාර්තා කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ 2021/2022 ට අදාල නිලවරණයේ දී අක්‍රමිකතා සිදුව ඇති බවට මාලඹේ, සුමුදු මාවතේ පදිංචි වෛද්‍ය ප්‍රියන්ත ලක්මිණනි අතපත්තු (වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු) විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි.

මෙම නිලවරණයේ දී තැපැල් ඡන්දය පැවැත්වීමට කටයුතු කළ බවත් එහිි දී ව්‍යාජ ලේඛන සකසමින්, නීති විරෝධී ලෙස ඡන්දය භාවිතා කර ඇති බවත් සංගමයේ ගිනුමේ ඇති මුදල් අනිසි ලෙස පරිහරණය කර ඇතැයි කරුණු හෙළිවී තිබෙන බව්ත් පැමිණිල්ලේ සඳහන් වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!