30.5 C
Galle

ලොකුඅම්මා නිදි අතරේ රහසින් ගිය දැරිය වැසිකිළි වළට වැටී මියයයි

Published:

වතුර පිරුණු වළකට වැටී වයස අවුරුදු 01යි මාස 10ක් වූ කුඩා දැරියක් මියගොස් ඇතැයි ගල්ඔය පොලිසිය කියයි.

මෙලෙස මිය‍ගොස් ඇත්තේ ගල්ඔය, හතරැස්කොටුව, මහමොරකන්ද පදිංචිව සිටි ආර්.එම්.භාග්‍යා රස්සම්නි බණ්ඩාර නමැති දැරියකි.

දැරිය මියගොස් ඇත්තේ සිය ලොකුඅම්මාගේ නිවසේ අලුතෙන් කපා තිබූ වැසිකිළි වළකට වැටීමෙනි.

මියගිය දැරියගේ මව පසුගිය දා දැරිය සිය වැඩිමහල් සහෝදරියගේ නිවසේ නවත්වා ගොස් ඇත. ලොකුඅම්මා දැරිය නිදිකරවීමට උත්සාහ ගත්ත ද ඇය අවස්ථා කිහිපයක් ම නින්ද ප්‍රතික්ෂේප කර තිබේ. ඇය සමඟ සිටිය දී ලොකුඅම්මාට නින්ද ගිය අවස්ථාවක දී දැරිය තම කොට්ටය ද රැගෙන ගොස් මෙම වතුරවළට වැටී ඇතැයි පොලිසිය කියයි.

ලොකුඅම්මා අවදිවී බලන විට දැරිය පෙනෙන්නට නොසිටි බැවින් සොයා බලද්දී ඇගේ සිරුර ජලය පිරුණු වැසිකිළි වළේ තිබී සොයාගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!