28.9 C
Galle

විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස අවිගබඩාවක්. දේවස්ථාන බෝම්බයේ සැකකරුවෙක්

Published:

බොරැල්ලේ දේවස්ථානයකට බෝම්බ තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයකුගේ නිවසේ තිබී ගිනි අවි ඇතුළු ආයුධ විශාල සංඛ්‍යාවක් සොයාගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නිවසේ තිබී සොයාගත් ආයුධ අතර පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හදුනාගත නොහැකි ගිනි අවියක් තිබී ඇත. දේවස්ථානයේ තිබූ සීසීටීවී දර්ශන අනුව ඇඹිලිපිටිය පනාමුර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වල දී මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (19) රාත්‍රියේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!