26.3 C
Galle

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට නව තානාපතිනියක් එවයි

Published:

ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපති ලෙස Julie Jiyoon Chung ජුලී ජියූන් චන්ග් පත්කර තිබේ. 2018 නොවැම්බර් මස 01 වැනි දා සිට මෙතෙක් මෙරට ඇමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කළේ ඇලෙයිනා බී ටෙප්ලිට්ස් වෙනුවට ඇය පත්කරන බව පසුගිය වර්ෂයේ ජූලි මාසයේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් අතර එම පත්වීම සෙනට් සභාව මගින් අනුමත් කිරීමෙන් පසු පත්වීම සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ලෙස කටයුතු කරන ඇය මාලදිවයිනේ ද තානාපති ලෙස කටයුතු කරයි.

නව තානාපතිනිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරියක ලෙස කටයුතු කළාය. එහි ජපපන් කටයුතු පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්ෂවරියක ලෙස ද සිටි ඇය භාෂා රැසක ප්‍රවීණතාවක් දක්වන තැනැත්තියකි.

ඇය මීට පෙර තායිලන්තය, ඉරාකය, වියට්නාමය, චීනය, කාම්බෝජය ආදී රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල නිරතවූ සිටියාය.

Related articles

Recent articles

error: Content is protected !!