24.7 C
Galle

නුග අත්තක් හිස මතට වැටී ගුරුවරයා අවසන් ගමන් යයි

Published:

තලවාකැලේ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව දී නුග ගසක අත්තක් කඩා වැටීමෙන් ඊට යටවූ ගුරුවරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ලෝහි වත්තේ පදිංචිව සිටි වේළුසාමි මහේෂ්වරන් (40) නමැති දෙදරු පියෙකි. ඔහු තලවාකැලේ දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරන්නෙකි.

නුග ගසේ අත්ත කපමින් සිටිය දී එය මාර්ගයේ යතුරුපැදියකින් ගමන්ගත් ගුරුවරයාගේ හිස මතට කඩා වැටී තිබේ. මෙම අත්ත වැටීමෙන් ත්‍රී රෝද රථයකට ද හානි සිදුව ඇති අතර විදුලි සහ දුරකථන රැහැන්වලට ද හානි සිදුව ඇත.

තුවාල ලැබූ ගුරුවරයා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!