30.5 C
Galle

නැගෙනහිර ගුරු දත්ත පද්ධතියක් එළිදකී. නැරඹිය හැක්කේ නිලධාරීන් කිහිප දෙනකුට පමණයි

Published:

නැගෙනහිර පළාතේ ගුරුවරුනගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් ආරම්භ කිරීම පසුගිය දා ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

එම දත්ත පද්ධතියේ තොරතුරු ලබාගත හැකිවන්නේ ඊට ප්‍රවේශය ඇති නිලධාරීන් කිහිප දෙනකුට පමණි. ගුරුවරුන්ගේ දත්ත ඇතුළත් මෙවැනි දත්ත පද්ධතියක් මහජන මුදල් වැය කර උත්සවශ්‍රීයෙන් එළි දැක්වුව ද එය නිලධාරීන් කිහිප දෙනකුට පමණක් නැරඹිය හැකිනම් එවැනි ව්‍යාපෘතීන් සිදුකිරීමේ අවශ්‍යතාව කුමක් ද යන්න ගැටලුවකි.

පළාතේ සෑම ගුරුවරයෙකුගේම පාසල, ලිපිනය, දුරකතන අංකය, ජාතික හැදුනුම්පත් අංකය, නිවසේ සිට පාසලට ඇති දුර ඇතුළු සියළු තොරතුරු ඇතුළත් කර තිබේ. ඊට අමතරව පළාතේ ඇති පාසල් ප්‍රමාණය එම පාසල් වල ඇති ගුරු පුරප්පාඩු ප්‍රමාණය වැනි කරුණුද මෙහි අන්තර්ගතය
 
සෑම කොට්ඨාශ කාර්යාලයක් හරහාම මාසිකව මෙම තොරතුරු යාවත්කාලින කිරීමට නියමිතය. 
ගුරුවරුන්ගේ ස්ථානමාරුවීම් සහ පාසල් වල තොරතුරු ක්ෂණිකව ලබා ගැනීම සදහා මෙම දත්ත ගබඩා පද්ධතිය උපකාර වන බව මෙහිදි අදහස් දැක්වු ආණ්ඩුකාරවරිය කියා සිටියාය. ඉදිරි කාලය තුළ මෙය තවත් පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද ආණ්ඩුකාරවරිය නිලධාරින්ට උපදෙස් දුන්නාය.

Related articles

spot_img
error: Content is protected !!