26.8 C
Galle

සිඟිතියකගේ සහ මවගේ සිරුරු වැවක පාවෙයි

Published:

සිඟිති දියණිය සමඟ මවක් වැවකට පැන දිවි නසාගෙන ඇතැයි ද ඔවුන්ගේ සිරුරු අද (23) එම කාන්තාවකගේ නිවස අසළ වැවේ තිබී ‍සොයාගත් බව ‍ලිඳුල පොලිසිය පවසයි.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ ලිදුල, ලෝගි වත්තේ පදිංචිව සිටි මගමනි දයානි නමැති 26 හැවිරිදි කාන්තාවකි. පොලිසිය සඳහන් කරන්නේ ඇය තමන්ට සැමියාගෙන් සහ ඔහුගේ ඥාතීන්ගෙන් හිරිහැර ඇති බවට ලිපියක් ලියා තබා ඇති බවයි. එම ලිපියත්, විවාහ සහතිකය සහ ඇඟේ හැඳුනුම්පත වැව අසළ තිබූ බව ද පොලිසිය කියයි.

මෙම මරණ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ලිඳුල පොලිසිය විසින් සිදුකරයි.

සැළකිය යුතුයි

සියදිවි නසා ගැනීම් වාර්තා කිරීම, සියදිවි නසාගැනීමට තවත් අයකු පෙළඹවීමට හේතුවක් වන බව විශේෂඥයන්ගේ මතයයි. එමෙන් ම සියදිවි නසාගැනීම් වාර්තාකරණය මාධ්‍ය මගින් නොකළ යුතුයැයි ස්වයං නියාමනයක් ද තිබේ. අප rata.lk වෙබ් අඩවිය ඒ නිසා සියදිවි නසාගැනීම් වාර්තා කරන්නේ නැත. නමුත් මෙම අවස්ථාවේ දී මව සියදිවි නසාගෙන ඇත්තේ තම සිඟිති දියණිය ඝාතනය කරමින් බැවින් මෙම සිද්ධිය අප වාර්තා කළෙමු.

යමෙකුට සියදිවි නසාගැනීමේ අදහසක් ඇතිවන්නේ නම් හෝ සමීපතමයකු එවැනි දෙයකට පෙළඹවීමක් ඇතැයි සිතෙන්නේ නම් වහාම ඔහු හෝ ඇය මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම ඉතාමත් වැදගත් සහ අත්‍යාවශ්‍ය කරුණකි.

උපකාරක සම්බන්ධතා.

හදිසි ඇමතුම් අංකය – 1333

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707308308

ජාතික මානසික සෞඛ්‍ය ආයතනය-1926

(දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ මාර්ගයෙන් සම්බන්ධ කරගත හැක)

Related articles

Recent articles

error: Content is protected !!