27 C
Galle

රෝහල් සේවකයන් පහර දී රෝගියකු ඝාතනය කළ සිද්ධිය යට ගැසීමේ උත්සාහයක්

Published:

අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට එම රෝහලේ සුළු සේවකයන් විසින් පහර දී ඝාතනය කළ බව දැක්වෙන සීසීටීවී දර්ශන තිබූ පරිගණකය අධිකරණ වෛද්‍ය නිලධාරියා සතුව තිබිය දී අතුරුදන්ව ඇතැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අනාවරණය විය.

මෙම පරීක්ෂණයේ සාක්ෂි යටගැසීමක් දැ යි සැකයක් ඇති බව මියගිය රෝගියා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේ දී කීහ. ඔවුන් පෙන්වාදෙන්නේ පොලිස් භාරයට ගෙන ඇති සාක්ෂි ද මුල්ලේරියාව පොලිසිය විසින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.

අලුයම් කාලයේ සේවක පිරිස විසින් මෙම රෝගියාට පහර දුන් බවත් රාත්‍රි 10 තෙක් ප්‍රතිකාර ලබා දී නොමැති බවත් මූලික විමර්ශනයේ දී කරුණු අනාවරණය වී තිබිණි.

පාදුක්ක, වටරැක, සමනලතැන්න පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් තිබූ අතර ඔහුගේ මරණය සැක සහිත බව ඥාතීන් පැවසීම හේතුවෙන් මූලික පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැණිනි.

සිහි විකල් තත්වයකින් පෙළෙමින් සිටි මෙම රෝගියා රෝහල් සේවකයන් කිහිප දෙනකුට වතුර ගසා තිබීම ඔවුන් විසින් රෝගියාට මෙලෙස පහරදීමට හේතුව බව ද අනාවරණය විය.

Related articles

Recent articles

error: Content is protected !!