27 C
Galle

ලොරියක් පෙරැළී, අධිවේගී මාර්ගයේ දැඩි වාහන තදබදයක්

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර කුඩා ලොරි රථයක් පෙරැළීයාම හේතුවෙන් අද (26) සවස දැඩි වාහන තදබදයක් හටගෙන තිබිණි.

ගාල්ල දෙසට 06 වැනි කිලෝ මීටරය ආසන්නයේ මෙම රථය පෙරැළී තිබිණි. මේ හේතුවෙන් ගාල්ල දෙසට කිලෝ මීටර දෙකකට වැඩි දුරක් වාහන පෝළිමක් දක්නට ලැබිණි.

පිඩලි තොගයක් රැගෙන යමින් තිබූ ලොරියේ පිටුපස රෝදයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!