27 C
Galle

සසුන්ගතවීමට ආ තරුණියය, මෙහෙණින් වහන්සේලා තිදනකු සමඟ පළා ගිහින්

Published:

සසුන්ගතවීමට යැයි කියමින් පැමිණි තරුණියක විසින් මෙහෙණි ආරාමයේ සිටි ලාබාල මෙහෙණින් වහන්සේලා තිදෙනකු රැගෙන පළාගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පොලිසිය පවසන්නේ මෙහෙණි ආරාමයේ වැඩ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේ විසින් ඊයේ (26) මෙම පැමිණිල්ල කළ බවයි.

අදාළ තරුණිය 24 හැවිරිදියැයි පැවසූ බවත් මහණවීමට අවශ්‍යයැයි කියමින් තම ආරාමයට පැමිණ නතර වී සිටි බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත. එම තරුණිය විසින් එහි සිටි වයස අවුරුදු 12,15 සහ 18 වයස්වල පසු වූ මෙහෙණින් වහන්සේලා තුන් දෙනකු රැගෙන පළා ගොස් ඇතැයි සිතන බව ද එම පැමිණිල්ලේ සටහන් කර ඇත.

එසේ වුව ද මෙලෙස පැමිණ සිටි ආගන්තුක තරුණිය සම්බන්ධයෙන් කිසිම තොරතුරක් තමන් සන්තකයේ නැති බව ද පැමිණිලිකාර මෙහෙණිය පොලිසියට පවසා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!