29.6 C
Galle

සංඝමිත්තේ, “ආඬි හතයි කැඳ හැළියයි” – දරුවන්ගෙන් සල්ලි ගරයි

Published:

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ගුරුවරුන්ගේ සුබ සාධනයට යැයි කියමින් එම පාසලේ ශිෂාවන්ගෙන් ගුරුවරු මුදල් එකතුකිරීමට පටන්ගෙන තිබේ.

ගුරු සුබ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන “ආඬි හතයි කැඳ හැළියයි” නමැති නාට්‍යයක දර්ශන නැරඹීම සඳහා ටිකට් මිල දී ගැනීමට රුපියල් 1,500.00 බැගින් රැගෙන එන ලෙස ගුරුවරුන් විසින් දැනුම් දී තිබේ.

ඇතැම් දරුවන් නිවෙස්වලට පැමිණ රුපියල් 1,500.00ක් අවශ්‍ය බවත් නැතිනම් පාසල් යාමට නොහැකි බවත් පවසමින් දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා ඇත.

පාසලේ ගුරුවරුන්ගේ සුබ සාධන සංගමයකට ආධාර පිණිස පවත්වන නාට්‍යයක ප්‍රවේශපත්‍ර මෙලෙස දරුවන්ට බලපෑම් කරමින් විකුණා මුදල් ගැරීම නීති විරෝධී කටයුත්තක් බව දෙමාපියෝ චෝදනා කරති.

Related articles

Recent articles

error: Content is protected !!