26.9 C
Galle

හීලෑ ඇතින්නියකට, වනජීවී නිලධාරීන් වෙඩි තබයි

Published:

මහියංගණ පෙරහැරට ගෙනවිත් සිටි සීතා නමැති හීලා ඇතින්නියකට වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

අද (30) අලුයම 3.30ට පමණ මේ වෙඩි තැබීම සිදුකර ඇති බව දැනගන්නට ඇත.

වනජීවී නිලධාරීන් විසින් ඇතාට වෙඩි තබා ඇත්තේ වන අලියකු යැයි වැරදීමකින් බව ද පැවසේ.

වෙඩි වැදුණු ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර කරමින් සිටින බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. එම ඇතාගේ වයස අවුරුදු 47කි.

Related articles

Recent articles

error: Content is protected !!