26.9 C
Galle

නාමල්ගේ මඟුලේ බිල, සනත් නිශාන්ත ගෙව‍ා දමයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත්කර තිබූ රුපියල් ලක්ෂ 26ක බිල ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් අද (02) සවස ගෙවා දමා ඇත.

ඔහු මෙම බිල ගෙවා ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ශාඛාවට ම පැමිණෙමිනි.

එම බිල්පත් ගෙවූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන්ගේ ඉස්සන් ගොවිපොළේ ආදායමෙන් එම මුදල ගෙවා දැමූ බවයි. ලංකා විදුලිබල මණ්ඩලය මෙම විදුලි සැපයුම කර ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශය විසින් සිදුකළ ඉල්ලීමක් මත බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

විදුලි බිල්පත් ගෙවාගත නොහැකිව සිටින සාමාන්‍ය ජනතාව ගැන කණගාටුවක් නැද්ද ? යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කීවේ තමන්ට රටේ සියලු ජනතාවගේ විදුලි බිල් ගෙවා දැමිය හොහැකි බවයි.

Related articles

Recent articles

error: Content is protected !!