26.9 C
Galle

ශ්‍රී ලංකාව පිහිටි භූ තැටියේ භූමිකම්පා රැසක්. ඉදිරිය අවදානම් ?

Published:

ශ්‍රී ලංකාව පිහිටා ඇති ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටි මායිමේ එක දිගට භූමිකම්පා 05ක් සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (02) සවස ශ්‍රී ලංකාවේ වේලාවෙන් 6.15 ට රිච්ටර් මාපක 5.4ක පළමු භූමිකම්පාව සිදුව ඇත්තේ ඉන්දියාවේ ගෝල්පාරම් සිට කිලෝ මීටර 24ක් ඈතිනි. එහි අපි කේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා තිබී ඇත.

ඉන්පසු ඊයේ (02) රාත්‍රී 7.59ට ඉන්දියාවේ සරුපතාර් සිට කිලෝ මීටර 25ක් දුරින් රිච්ටර් මාපක 4.3ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එහි අපකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 37ක් ගැඹුරින් පිහිටා තිබුණු බව භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

අද (03) උදෑසන 8.30ට චීනයේ සාගා සිට කිලෝ මීටර 214ක් දුරින් රිච්ටර් මාපක 4.2ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එහි අපි කේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරින් පිහිටා තිබී ඇත.  

අද (03) උදෑසන 9.44ට ඉන්දුනීසියාවේ කෙපුලාවුආන් බාටු ආසන්න මුහුදේ රිච්ටර් මාපක 4.6ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එය මුහුදු පත්ලේ සිට කි‍ලෝ මීටර 10ක් ගැඹුරින් අපි කේන්ද්‍රය පිහිටන පරිදි සිදුව තිබිණි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (03) සවස 2.51ට නේපාලයේ දීපායල් සිට කිලෝ මීටර 38ක් දුරින් රිච්ටර් මාපක 5.7ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එහි අපිකේන්ද්‍රය ද පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 10ක් ගැඹුරිනි.

මෙම භූමිකම්පා මාලාව සිදුවීමේ ස්වභාවය අනුව පැහැදිලිවන්නේ ශ්‍රී ලංකාව පිහිටා ඇති ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටි මායිමේ කම්පන හටගෙන ඇති බවයි. මෙය ඉදිරි පැය කිහිපයේ දී ක්‍රමයෙන් වැඩි වී විශාල භූමිකම්පාවක් දක්වා වර්ධනය වී නැවත සුළු කම්පන දක්වා කම්පන මාලාවක් ලෙස අඩුවී යා හැකි බව භූ විද්‍යාඥයෝ කියති.

එවැනි විශාල භූමිකම්පාවක් ගොඩබිම සිදුවුවහොත් ගොඩනැගිලිවලට විශාල වශයෙන් හානිසිදුවිය හැකි අතර ජීවිත හානි සිදුවීමේ අවදානමක් ද පවතී.

භූ තැටියේ වඩා විශාල භූමිකම්පාවක් මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් අපි කේන්ද්‍රය පිහිටන ආකාරයෙන් සිරස් අතට සිදුවුවහොත් සුනාමි අවදානමක් හටගැනීමට ද ඉඩ තිබේ. එබැවින් ඉදිරි භූමිකම්පා පිළිබඳ මෙම ප්‍රදේශයේ පිහිටි සියලු රටවල ජනතාව අවධානයෙන් සිටිය යුතු තත්වයක් නිර්මාණය වී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!