28.9 C
Galle

මාතර පාසල් වසා දමයි

Published:

ආපදා තත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලු ම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබේ.

මාර්ග රැසක් ජලයෙන් යට වී තිබීම සහ තවදුරටත් වැසි අතිවුවහොත් නිල්වලා ගඟ මහ ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බැවින් මේ තීරණය ගෙන තිබේ.

ලබන සඳුදා (09) නැවත පාසල් විවෘත කරන්නේ ද යන්න සෙනසුරාදා (07) පැවැත්වෙන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!