27.6 C
Galle

ගාල්ල, මාතර සියලු පාසල් වසා දමයි

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ද සියලු පාසල් හෙට (09) සහ අඟහරුවාදා (10) දින දෙකෙහි වසා දැමිමට තීරණය කර තිබේ.

ඊයේ (07) මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේ දී මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් එම දින දෙකෙහි වසා දැමීමට කලින් තීරණය කර තිබිණි.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා විසින් අද (08) දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමුකරමින් ගාල්ල සහ මාතර දිස්ත්‍රික් දෙකේම පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා දැමීමට තීරණය කළ බව දැනුම් දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!