28.4 C
Galle

“අම්මලාගේ විභාගය” අද

Published:

“අම්මලාගේ විභාගය” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙයි.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම විභාගය සඳහා සිසු දරු දැරියන් 337,956 දෙනකු පෙනී සිටින බවයි.  එම විභාගය මධ්‍යස්ථාන 2,888ක දී පැවැත්වෙයි.

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මාතර, අකුරැස්ස සහ මුලටියන අධ්‍යාපන කලාපවල විභාග අපේක්ෂකයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විභායට පෙනීසිටිමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා පවසයි.

පාසල් සිසුවකු මුහුණ දෙන විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන පළමු විභාගය වන්නේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයයි. ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී රට තුළ ඇති වී තිබෙන දැඩි තරඟකාරී තත්වය හේතුවෙන් මෙම විභාගය සඳහා දරුවන් සූදානම් කිරීමට මව්පියන් දැඩි තරඟයක නිරත වෙයි.

මේ නිසාම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය “අම්මලාගේ විභාගය” ලෙස හඳුන්වයි.

විභාගයේ ඇති දැඩි තරඟකාරීත්වය හේතුවෙන් 3,4 සහ  ශ්‍රේණිවල දී  දරුවන් කලා කුසලතා ඇතුළු විෂය භාහිර ක්‍රියාකාරකම් වලින් ඈත්වන බවත් චෝදනා කරමින් බොහෝ  පිරිස් මෙම විභාගය අහෝසි කිරීම හෝ නැතිනම්, ජාතික පාසල්වල සිසු සිසුවියන් සඳහා මෙම විභාගය නොපැවැත්විය යුතුයැයි අධ්‍යාපන විශේෂයෝ පිරිසක් පෙන්වා දෙති.

Related articles

Recent articles

error: Content is protected !!