28.4 C
Galle

මහ වැසි දිගට ම

Published:

එළැඹෙන අඟහරුවාදා (17) සිට 20 වැනි දා දක්වා කාලයේ රටේ නිරිතදිග ප්‍රදේශය ඇතුළු බොහෝ ප්‍රදේශවලට නැවත වතාවක් ගිගුරුම් සහිත මහ වැසි ඇතිවනබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ‍එම දෙපාර්තමේන්තුව මේ බව පවසා ඇත.

ඇතැම් ප්‍රදේශවලට ඉතා කෙටි කාලයක දී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව ද සඳහන් වේ.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය රටේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම් හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Related articles

Recent articles

error: Content is protected !!