28.4 C
Galle

සවස බැහැර යනවානම් කුඩයක් රැගෙන යන්න

Published:

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනය ට අනුව අද (16) සවස 2.00න් පසු රටේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත තත්වයක් ඇතිවීමට ඉඩ තිබේ.

මේ සම්බන්ධ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත්කර ඇත.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව සහ නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළඩ ප්‍රදේශවලට ද උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇතිවන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!