26 C
Galle

ගෝඨාභය පළා යද්දී, දමාගිය සල්ලි අයිති කාට ද ?

Published:

ජනතා උද්ඝෝෂණයකින් ධූරයෙන් පහකිරීමෙන් පසු ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ ජනාධිපති මන්දිරයෙන් පළාගිය 2022 ජූලි මස 09 වැනි දා එම මැදුරේ තිබී හමු වූ රුපියල් ලක්ෂ 178.5ක මුදල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දී ඇත.

එම මුදල් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගත් බව අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එම මුදල් තමන්‍ට ලබාදෙන ලෙස මීට පෙර දිනයක ගෝඨාභය රාජපක්ෂ නීතිඥයකු මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

Related articles

Recent articles

error: Content is protected !!