26 C
Galle

HNB විපතට පත්වූවන්ට, ශක්තියක් වෙයි

Published:

පසුගිය දිනවල දිගින් දිගටම පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් විපතට පත්වූ සහ අවතැන් වූ පවුල් සඳහා ශක්තියක් වෙමින් ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර ලබාදීම හැටන් නැෂනල් බැංකුවේ “තිරසාර පදනම” මගින් සිදුකරන ලදී.

අයහපත් කාලගුණික තත්වයේ බලපෑම හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි පවුල් රැසක සාමාන්‍ය ජන ජීවිත අඩාල වී තිබූ අතර එම පවුල්වලට ඉතා අඩු පහසුකම් යටතේ අවතැන් කඳවුරුවල පවා සිටීමට සිදුවිය.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ත්‍රිවිධ හමුදාව මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් ද නිවාස පිරිසිදු කිරීම් සිදුකළ අතර එම පවුල් සඳහා හැටන් නැෂනල් බැංකුවේ දකුණු පළාත් කළමණාකාරීත්වය විසින් අවතැන් ජනතාවගේ සුබ සාධනය සැළසීම තම සමාජ වගකීමක් ලෙස සළකමින් මෙලෙස උපකාර කිරීම සිදුකරන ලදී.

Related articles

Recent articles

error: Content is protected !!