26 C
Galle

ගෑස් වැඩිවෙයි ?

Published:

ලිට්‍රෝ ගෑස් සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200.00කින් පමණ ඉහළ දැමීමට සිදුව ඇතැයි එම සමාගමේ ඉහළ පාලන අධිකාරිය සඳහන් කරයි.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් මෙලෙස ගෑස් මිල වැඩිකිරීමට සිදුව ඇතැයි ද ඔවුන් පවසිය. ලබන නොවැම්බර් මස 05 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල, මිල සූත්‍රයට අනුව සංශෝධනය කිරීමට නියමිතය.

ගෑස් මිල ඔක්තෝබර් මස 05 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 343.00 කින් වැඩි කෙරිණි. එදින පටන් ලිට්‍රෝ සමාගමේ  කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් කොළඹ දී අළෙවි කරන්නේ රුපියල් 3,470.00කට වන අතර වෙනත් ප්‍රදේශවල දී දුර අනුව එම මිල ඊට වඩා වැඩි අගයක් ගනී.

Related articles

Recent articles

error: Content is protected !!