25.1 C
Galle

භාරය ගැන විශ්වාස තැබුවත්, සය හැවිරිදි පුතා මරුට

Published:

අනුරාධපුරයේ සිද්ධස්ථානයකට වී තිබූ භාරයක් ඔප්පු කිරීමට යැයි කියමින් කෑගල්ලේ සිට අනුරාධපුරයට පැමිණ එය ඉටුකිරීමෙන් අනතුරුව නුවර වැවේ නෑමට ගිය පවුලක 06 හැවිරිදි පිරිමි දරුවකු ජලයේ ගිලී මියගොස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් තඇතේ කෑල්ලේ, මොලගොඩ පදිංචි නිශාන් පමුදිත දිෂාන් නමැති අයෙකි.

21 වැනි සියවසේ දරුවන් වෙනුවෙන් පවා දෙමාපියෝ තම මතයන් අනුව විවිධ ආගමික භාරහාර පවත්වන්නේ විද්‍යාව තඹයකට හෝ මායිමි නොකරමිනි. ඔවුහු තවමත් විද්‍යාවට වඩා මිත්‍යාව විශ්වාස කරති. ඒ අනුව භාරය ඔප්පු කර වැවේ දිය නෑමට ගිය මේ පවුලේ පුතු දිය නෑමෙන් අනතුරුව ගොඩට පැමිණ නැවත සොරොව්වේ ඇළ මාර්ගයට ඇද වැටී ඇති බව පොලිසිය කියයි.

ඔහු ඉතා අසාධ්‍ය තත්වයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත. ‍පොලිසිය පවසන්නේ මෙම ස්ථානය අනතුරුදායක යැයි පැහැදිළිව පෙනෙන පරිදි පුවරු සවිකර ඇති බවයි.

Related articles

Recent articles

error: Content is protected !!