26.7 C
Galle

රියදුරු බලපත්‍ර අලුත් ම ක්‍රමයකට එයි

Published:

ආර්ථික අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර චිප් කියවීමේ උපකරණ ගෙන්වීමට නොහැකි වීම නිසා රියදුරු බලපත්‍රය QR කේතයක් සහිතව මුද්‍රණය කිරීම ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව දැනට රියදුරු බලපත්‍රයේ ඇති අර්ධ සන්නායක චිප් වෙනවුට QR කේතය මුද්‍රණය කරන අතර එම කේතයේ දත්ත පරිහරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සහ පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් ක්‍රියාත්මක කළ හැකි ජංගම යෙදුමක් ද භාවිතා කිරීමට නියමිතය.

රියදුරු බලපත්‍රයක් හිමි තැනැත්තකු විසින් සිදුකරන රථවාහන වැරදි සඳහන් කිරීමේ සහ වැරදි ලකුණු ක්‍රමය ද ඒ අනුව භාවිතා කිරීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!