24.2 C
Galle

රජයේ සේවකයන්ගේ, විශ්‍රාමිකයන්ගේ දීමනාව ජනවාරි සිට ?

Published:

ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ දීමනා රුපියල් 5,000.00කින් වැඩිකිරීමටත් විශ්‍රාම වැටුප් හිමියන්ගේ දීමනා රුපියල් 2,500.00කින් වැඩි කිරීමටත් උත්සාහ ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

කෑගල්ලේ දී මාධ්‍ය‍වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

අමාත්‍යවරයා පවසන්නේ අයවැය යෝජනාවල අනුව දීමනා වැඩිකිරීමට තීරණය කර තිබුණේ අප්‍රේල් මාසයේ සිට වුව ද ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා අඩුම තරමින් රුපියල් 5,000.00ක් ජීවන වියදම් දීමනාවට එක්කිරීම පිළිබඳ මේ වනවිට අවධානය යොමුව ඇති බවයි. එසේ ජනවාරි සිට අප්‍රේල් දක්වා රුපියල් 5,000.00 දීමනාව ලබාදීමට නම් මාසයකට අමතර රුපියල් ලක්ෂ 65,000ක් සහ විශ්‍රාමිකයන්ට රුපියල් 2,500.00 දීමනාව ලබාදීම සඳහා මාසයකට රුපියල් ලක්ෂ 18,000ක් අවශ්‍ය වන බව ද අමාත්‍යවරයා කීවේය.

Related articles

Recent articles

error: Content is protected !!