24.2 C
Galle

නායයාමේ අවදානමක්, පවුල් පිටින් ඉවත්කරයි

Published:

නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල, පූනාගල, ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි පවුල් 49ක පුද්ගලයන් 202 දෙනකු ආරක්ෂිත ස්ථාන වෙත යැවූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ.ප්‍රියංගිකා කීවාය.

‍වතු ආශ්‍රිතව ඔවුන් පදිංචිව සිටි නිවාස පේළිය ඉරිතලා ඇති අතර ඊට පහළ බෑවුමේ නායයාමක් සිදුවෙමින් පැවතීම නිසා මෙම ආරක්ෂිත පියවර ගෙන තිබේ.

ඉවත් කළ පවුල් පුනාගල අංක දෙක දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරකුම් මධ්‍යස්ථානයේත් ඥාති නිවෙස්වලත් රඳවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කර ඇති බවත් ප්‍ර‍ාදේශීය ලේකම්වරිය කීවාය.

මේ අතර කොස්ලන්ද නාවුල්ල ප්‍රදේශයේ දී ද ඊයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පවුල් හතරක පුද්ගලයින් 16 දෙනෙකු ඉවත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!