24.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 9,312ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,909ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 801ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,593ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 800
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 216
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 127

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම මිලියන 22
  • එල්සීබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 4.9
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 4.1

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලාන් මර්චන්ට් බැංකුව (N) 20%
  • මුලර්ස් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ‍ජෝන් කීල්ස් සමාගම කොටස් 150,000ක් රුපියල් 188.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 490,000 රුපියල් 163.00 බැගින්
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම කොටස් 300,000ක් රුපියල් 88.40 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 266
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 254
  • ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 182

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 720කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 343ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 377ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 606
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 29
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 199
  • ‍ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 28
  • සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගම (X) රුපියල් මිලියන 15

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!