24.8 C
Galle

පාසල් සිසුන් 60%කට පෙනීමේ දුර්වලතා

Published:

අනුරාධපුරයේ පාසල් සිසුන්ගෙන් 60%ක පිරිසකගේ ඇස් පෙනීමේ දුර්වලතා ඇති බව අක්ෂි සායන දත්ත අනුව තහවරු වී තිබේ.

මේ බව අනාවරණය කළේ අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය කුෂානි ගුණරත්න විසිනි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා පැවැත් වූ අක්ෂි සායන මාලාවක අවසන් අක්ෂි සායනය මිහින්තලේ මහා විද්‍යාලයේ පැවැත් වූ අවස්ථාවේ දී ඇය මේ බව කියා සිටියාය.

අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නොමිලේ ඇස් පරීක්ෂාකර ඇස් කණ්ණාඩි ද නොමිලයේ ලබා දීමේ සායන මාලාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබිණි.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා, අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් හරහා පාසල් දරුවන් සම්බන්ධ කර මූලීක හදුනා ගැනීම් සිදු කර ඇති අතර එම සායන මගින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වූ බවයි වෛද්‍ය කුෂාණි ගුණරත්න කීවාය.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම මෙවැනි අක්ෂි කඳවුරු පවත්වන අතර ඒ අතරින් 60% ක් තරම් වූ වැඩිම ඇස් පෙනීමේ දුර්වලතා සිසුන් සිටින දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය පත්වීම විශේෂත්වයකි.

Related articles

Recent articles

error: Content is protected !!