26.7 C
Galle

චම්පික හා ඩලස් සාකච්ඡාවක

Published:

ඉදිරි සන්ධානයක් ගොඩනගාගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට චම්පික පාඨලී රණවක සහ ඔහු නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් පිරිසක් නිදහස ජනතා සභාාවේ ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් හමුවූහ.

“දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක්” නමින් එක්සත් ජන­රජ පෙර­මුණ එළි­දැක්වූ ප්‍රකා­ශ­නය සහ වැඩපිළිවෙළ පිළිබඳ මෙහි දී නිදහස ජනතා සභාව දැනුම්වත් කළ බව චම්පික පාඨලී රණවක කීවේය.

නිදහස ජනතා සභාව වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, නීතිඥ සුමිත් විජේසිංහ  ද, එක්සත් ජනපද පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති නීතිඥ ශිරාල් ලක්තිලක ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related articles

Recent articles

error: Content is protected !!