26.7 C
Galle

පොලිස් බලය නොදී, බලය බෙදීමට සූදානම්

Published:

පොලිස් බලතල හැර අනෙක් බලය පළාත් සභාවලට පැවරීමට කටයුතු කළ හැකියැයි ජනාධිපති රනිල් වික්‍රමසිං කීවේය.

ඔහු මේ බව කියා සිටියේ අද (28) කොළඹ බබණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති “සංහිඳියාව සඳහා ආගම්” නමැති 2024 අන්තර් ආගමික සමුළුවේ දී අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමඟ එකඟතාවකට පැමිණ තුනෙන් දෙකක බලය ලබාගෙන එය කළ යුතු බවයි. එමෙන් ම ඉඩම් බලතල සම්බන්ධයෙන් ජාතික ඉඩම් කොමිසමේ පනත අනුව ක්‍රියාකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දෙමළ පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා දැන් ඉටු කරන්නට තිබෙන්නේ සහජීවනයේ අන්තිම කොටස බව සඳහන් කළේය.

Related articles

Recent articles

error: Content is protected !!