26.7 C
Galle

භික්ෂුවක් නිවුන් දරුවන් දෙදෙනකු අපයෝජනය කරලා

Published:

බාලවයස්කාර පිරිමි නිවුන් දරුවන් දෙදෙනකු අපයෝජනය කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් බෞද්ධ භික්සුවක් රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහැරීමට හේමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ හෝමාගම විහාරස්ථානයක සිටින යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සදහා ප්‍රසිද්ධියක් උසුළන බෞද්ධ භික්ෂුවකි.

කොට්ටාවේ පදිංචි පවුලක සිටි 13 හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු රෝගාතුරවීම හේතුවෙන් එම භික්ෂුව හමුවට ගෙන ගොස් ඇති අතර එහි දී භික්ෂුව පවසා ඇත්තේ පූජාවන් කිහිපයක් කිරීමට අවශ්‍ය බැවින් එම දරුවා නවතා යන ලෙසයි. ඒ අනුව මව සහ පියා දරුවා විහාරස්ථානයේ නවතා ඇත. දින කිහිපයක් තම සොහොයුරා නොමැතිවීම නිසා අනෙක් දරුවා රෝගී වී ඇතැයි දෙමාපියන් භික්ෂුවට පවසා ඇති අතර භික්ෂුව මෝටර් රථයකින් එම දරුවන්ගේ නිවසට පැමිණ අනෙක් දරුවා ද රැගෙන ගොස්තිබේ.

මව සහ පියා හෝමාගම මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලේ සටහන් වන්නේ භික්ෂුව දරුවන් දෙදෙනා විහාරස්ථානයේ රඳවාගෙන ලිංගික අතවර කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කිරීමෙන් පසු එම භික්ෂුව අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අපයෝජනයට ලක් වූ බව කියන දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!