34.4 C
Galle

ලහිරු තිරිමාන්න රිය අනතුරකට ලක්වෙයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන්ගත් වාහනයක් අද(14) අලුයම අනුරාධපුර තිරප්පනේ මාර්ගයේ පුංචිකුලම ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව තිබේ.

තිරිමාන්න ඇතුළු පිරිස මහනුවර සිට ුනුරාධපුරය දෙසට යමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් තිරිමාන්න ඇතුළු සිව් දෙනකු සුළු තුවාල ලබා රෝහල් ගතකළ බව තිරප්පනේ පොලිසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ තිරිමාන්න සහ ඔහුගේ මව, ඔවුන් ගමන් ගත් රථයේ රියදුරා සහ ලොරි රථයේ රියදුරා යන අයයි.

අනතුරින් වාහනයට බරපතල හානි සිදුව තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!