31.6 C
Galle

පොලිස් ප්‍රධානීන් 18ක් මාරු කරයි

Published:

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8 දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිස් ප්‍රධානීන් 18 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 08 දෙනෙකු සහ එක් පොලිස් අධිකාරීවරයෙකු ස්ථාන මාරු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජී.ඒ.කේ පියසේකර කළුතර කොට්ඨාශයටත්, ගල්කිස්ස කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්.එස්. දෙහිදෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසත් ස්ථාන මාරු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම් ගුණරත්න මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.

අපරාධ හා රථවාහන කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී.මැදවත්ත මහතා පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ලෙසත් ස්ථාන මාරු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල්.කොඩිතුක්කු පොලිස්පති සහකාර සේවයේ සිට අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ කරවිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු සහ උසස් පුහුණුවේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සහ සංචාරක ආයෝජන වෙත මාරු කර ඇති අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට පොලිස්පති සහය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!