31.6 C
Galle

අව්වේ හිටියොත්, ලෙඩ ගොඩක්

Published:

මේ දිනවල රට පුරාම ඇති දැඩි උණුසුම් කාලගුණික තත්වය ‍හේතුවෙන් හිරු එළිය සම මතට සෘජුවම පතිත වුවහොත් සමේ රෝග ඇතිවිය හැකි යැයි විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

සම කැසීමකට ලක්වීම, දහදිය දැමීම හේතුවෙන් සැරව බිබිලි තත්ත්වයක් ඇතිවීම, දහදිය වැඩිවශයෙන් එකතුවන ස්තානවල රවුම් හැඩැති දිලීර තත්ත්වයක් ඇතිවීම, සුදු පැහැති ලප ඇති වීම මෙම ආසාදිත තත්ත්වයන් ලෙස හඳුනාගෙන තිබේ.

මීට අමතරව සමෙහි දැනට පවතින ආසාත්මික තත්ත්වයන්ගේ වැඩිවීමක්ද උණුසුම් කාලගුණයත් සමග ඇතිවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරු කියති.

මෙම තත්වය වඩාත් හානිකර වන්නේ කුඩා දරුවන්ට බැවින් ඔවුන් හැකිතාක් සෘජුව හිරු එළියට නිරාවරණය වීම වළක්වාගත යුතු බව ද ඔවුහු කියති.

Related articles

Recent articles

error: Content is protected !!