33.9 C
Galle

කාන්තාවන් දෙදෙ‍නකු නිවස තුළ ම මියගිහින්

Published:

සැකකටයුත් ලෙස මියගොස් සිටි කාන්තාවන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් නිවසක් ඇතුළත තිබී හමු වූ බව පොලිසිය පවසයි.

ඊයේ (17) රාත්‍රී පොලිස් හදිසි ඇමතුම් අංක 119 වෙත ලැබුණු දුරකථන ඇමතුමක් අනුව සොයා බැලීමේ දී කළුතර දකුණ පොලිස් වසමේ, ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක තිබී මෙම මළ සිරුරු දෙක සොයාගෙන ඇත.

පොලිසියට ඇමතුම ලබාදුන් අසල්වැසියකු පවසා ඇත්තේ එම නිවසේ කාන්තාවන් දෙදෙනකු සිටි බවත් දින කිහිපයක සිට ඔවුන් නොදුට බවයි. එමෙන් ම නිවසින් දුර්ඝන්ධයක් හමන බව ද කියා ඇත.

ඒ අනුව පොලිසිය නිවසට ගොස් ප්‍රදේශවාසීන් සමඟ එක්ව පරීක්ෂා කිරීමේ දී නිවසේ දොරගුළු දමා තිබී ඇති අතර ජනේලයක් විවෘතකර බැලීමේ දී කාන්තාවන් දෙදෙනා මියගොස් සිටිනු දැක ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක් සහ 79ක් වූ කාන්තාවන් දෙදෙනකු බව ග්‍රාම නිලධාරීවරයා තහවරු කර තිබේ.

මළ සිරුරු සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අද (18) සිදුකෙරේ.

Related articles

Recent articles

error: Content is protected !!