31.1 C
Galle

මුහමාලෙයි බිම්බෝම්බ සොයද්දී නිල ඇඳුම් සමඟ ඇටකටු හමුවෙයි

Published:

මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත්කරන කණ්ඩායමකට මිනිස් ඇටසැකිලි කිහිපයක් සහ නිල ඇඳුම් කොටස් හමු වී ඇතැයි පලෙයි පොලිසිය පවසයි.

බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වූ රාජ්‍ය නොවන සංවිධානයක සේවකයන්ට මෙම අස්ථි කොටස් සහ නිල ඇඳුම් කොටස් හමු වී ඇති අතර ඔවුන් ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව අදාල ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් ඒ බව කිලිනොච්චි මහේස්ත්‍රාත් ස්මාද් ජෙමිල් වෙත දැනුම් දී ඇත. එම ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත්වරයා අදාල ස්ථානය 29 වැනි සඳුදා දිනයේ වැඩිදුර කැණීම් කරන ලෙස ද දැනුම් දී තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!