31.1 C
Galle

මෙරටට ගෙන්වූ ඖෂධ ගැන වගකීම භාරනොගන්නා බව නිලධාරීන් කියයි

Published:

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීම සදහා ආධාර අනුබල දුන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න යැයි වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසයි.

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලයේ ගෙන් වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇත.

ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීමට අදාළව චෝදනා එල්ලවී ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන්නැයි එමගින් ඉල්ලා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!