31.1 C
Galle

අවුරුදු දා වැදුණු වෙඩිල්ලෙන්, පාසල් දැරිය මරුට

Published:

මින්නේරිය, ගිරිතලේ අවුරුදු සාදයකට පැමිණි පිරිසක් තැබූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 17ක පාසල් දැරියක් මියගිය බව මින්නේරිය පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පසුගිය 14 වැනි දා ය. දැරියගේ නිවසට යාබද නිවසක පැවැති අවුරුදු සාදයක දී ඇයට වෙඩි වැදී තිබිණි.

එම අවස්ථාවේදීම නිවැසියන් ඇය හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොලොන්නරුව මහ රෝහලට ද අනතුරුව අනුරාධපුර රෝහලට ද මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර ඒහිදී ශෛල්‍යකර්මයකට භාජනය කර නැවතත් පොලොන්නරුව මහ රෝහලටම මාරු කර ඇත.

පොලොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය.

Related articles

Recent articles

error: Content is protected !!