24.7 C
Galle

තෙල් මිල අඩුවෙයි

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00කින් අඩුකර ඇති අතර එහි ලීටරයක නව මිල රුපියල් 368.00ක් වෙයි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 420.00කි. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 30.00කින් අඩුකර ඇති අතර එහි ලීටරයක මිල රුපියල් 333.00ත් වෙයි. ලංකා සුපිරි ඩීසල් ලීඩරයක මිල රුපියල් 9.00කින් අඩුකර ඇති බැවින් එහ ලීටරයක නව මිල රුපියල් 377.00කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 30.00කින් අඩුකර ඇති බැවින් එහි ලීටරයක නව මිල රුපියල් 215.00කි

Related articles

Recent articles

error: Content is protected !!