24.7 C
Galle

ක්‍රිකට් පිත්තක් නිසා, පාසල් සිසුවකු මරුට

Published:

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, එක් සිසුවකු මියගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය ‍මොන්ටික්‍රිස්ටෝ වත්තේ පදිංචිව සිටි 13 හැවිරිදි සිසුවෙකි.

මෙම සිසුන දෙදෙනා පසුගිය 23 වැනි දා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි අවස්ථාවේ දී ඇති වූ ආරවුලක් මත එක් සිසුවකු අනෙක් සිසුවාට ක්‍රිකට් පිත්තෙන් පහර දී ඇතැයි පොලිසිය පවසයි. බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා සඳුදා (29) රෝහලේ දී මියගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!