24.7 C
Galle

රනිල් – බැසිල් තවත් හමුවක් අද

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් අද (04) සවස පැවැත්වේ.

මෙම රැස්වීම ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය මැයි රැළි සහ වත්මන් දේශපාලන තත්වය පිළිබඳ එහි දී සාකච්ඡාවීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිතිවරයාට සහය දක්වන ප්‍රධානතම පාර්ශවය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා පසුගිය දා ආරම්භ කෙරිණි.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම වන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි.

Related articles

Recent articles

error: Content is protected !!