25.1 C
Galle

පදියතලාව OIC ට, ICU යන්නම ගහලා

Published:

පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පුද්ගලික ආරවුලක දී කරන ලද පහරදීමක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පදියතලාව සරණගම ප්‍රදේශයේ දී මෙම ආරවුල ඇති වී තිබේ. පොලිසිය පවසන්නේ අනෙක් පාර්ශවයේ පිරිස විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දී ඇති බවයි.

බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට රැගෙන ගිය ස්ථානාධිපතිවරයා මේ වනවිට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පොලිසිය පවසන්නේ ස්ථානාධිපතිවරයාට පහරදුන අයකු මහියංගණය පොලිසියට පැමිණ භාර වූ අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!