28.8 C
Galle

මාවනැල්ලේ දී ඇතකු කුලප්පු වේ. ඇත්ගොව්වාට අසාධ්‍යයි

Published:

මාවනැල්ල නගරයේ ඊයේ (25) සවස පැවැත් වූ වෙසක් පෙරහැර අවාසානයේ දී ඇතකු කුලප්පු වීමෙන් ඇත්ගොව්වා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස කුලප්පු වී ඇත්තේ දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් රාජා නමැති ඇතෙකි. පෙරහැර අවසන් වෙමින් පසු රාත්‍රී 8.00ට පමණ මෙය සිදුව ඇත.

කලබලයට පත්ව මාවනැල්ල නගරයට පැමිණි ඇතා මේ වනවිට විශේෂ ආරක්ෂාවක් යටතේ පොළ භූමියේ රඳවා ඇති බව ද පොලිසිය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!