28.8 C
Galle

වෑන් රථයක් අනතුරක, එක් අයෙක් මරුට

Published:

වන්දනාවේ යන පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයකු මියගොස් 13 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි.

අද (26) අලුයම මෙම අනතුර සිදුව ඇත්තේ ගල්ගමුව, මීඔය ආසන්නයේ දී ය.

පොලිසිය පවසන්නේ රියදුරට නින්දයාම හේතුවෙන් වෑන් රථය මීඔය පාලමේ ගැට්ටක වැදී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ගසක වැදී අනතුර සිදුව ඇති බවයි. වෑන් රථය පාදෙණිය දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබී ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ 69 හැවිරිදි පුද්ගලයකි. ඔහු අනතුර සිදුවූ ස්ථානයේ ම මියගොස් සිටි බව පොලිසිය පවසයි.

ගල්ගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!