28.8 C
Galle

මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කරයි

Published:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් පනවා ඇති වාරණය ලබන 12 වැනි දා දක්වා දීර්ඝ කර ඇත. 

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් මෙම වාරණය නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල අද (29) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එහි දී මෙම වාරණය දීර්ඝ කෙරිණි.

හිටපු ජනාධිපතිනිය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවයි. 

Related articles

Recent articles

error: Content is protected !!