33.3 C
Galle

තරුණ ජීවිත දෙකක්, පස් කණ්ඩියකින් වැසේ

Published:

දෙයියන්දර ප්‍රදේශයේ නිවසකට පස් කණ්ඩියක් කඩා වැටී තරුණයක් දෙදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අධික වර්ෂාවත් සමඟ දෙයියන්දර පල්ලේවෙල ප්‍රදේශයේ පිහිටි නිවසකට මෙලෙස පස් න්ද කඩා වැටී ඇත. ඊයේ (01) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ පුද්ලයා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ දෙනගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 20  සහ 27 වයස්වල තරුණයන් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙයියන්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

error: Content is protected !!