25.8 C
Galle

ඥානසාර හිමිට ඇප

Published:

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළේය.

ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් ඇපයක් මත රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් වෛරී ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පසුගිය මාර්තු 28 වැනිදා නියම කළේය. 

ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට තරම් සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ අනාවරණය වී නොමැති බව පවසමින් ඔහු වෙනුවෙන් ගොනු කර තිබූ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.

ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, සංජය ආරියදාස සහ සංජය මාරඹේ සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!