25.8 C
Galle

මවත්, දියණියන් දෙදෙනාත් දියේ ගිලී මරුට

Published:

තිස්සමහාරාම සාමගුලිය ප්‍රදේශයේ ගල් වලක දියනෑමට ගිය මවත්, දරු දෙදෙනාත් මියගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්ස පුර, සාමගුලිය ප්‍රදේශයේ පදිංචි මනෝරි සුරංගිකා, ඇගේ 14 හැවිරිදි දියණිය නෙත්මි හේමන්තිකා සහ 09 හැවිරිදි දේවින්දි නමැති දියණියන් දෙදෙනාය.  

මවගේ මළ සිරුර ඊයේ සවස සොයාගෙන ඇති අතර දියණියන් දෙදෙනාගේ සිරුරු අද (22) උදෑසන සොයා ගැණිනි.

Related articles

Recent articles

error: Content is protected !!